Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 10:30:13 Hours

12 වන සේනාංකයේ භටපිරිස් හම්බන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක් පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් ජූලි මස 15 සිට 22 දින දක්වා කාලය තුළ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි ශාසනාලෝක විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් විහාර මන්දිරය ඇතුළු විහාස්ථානයේ සියළු ස්ථාන පිරිසිදු කර තීත්ත ආලේප කරමින් අළංකාරවත් කරන ලදී.

මෙම උතුම් වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවකගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සංවිධානය කළහ.