Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 11:00:13 Hours

පම්පේමඩු බලඇණි පුහුණු පාසලේ පුහුණුව ලැබූ ආධුනික සෙබලුන්ගේ පළමු කණ්ඩායම විසිරයති

පම්පේමඩු පාබල බලඇණි පුහුණු පාසලෙන් මාස තුනක මූලික යුද්ධ හමුදා පුහුණු පාඨමාලාව හැදෑරූ ආධුනික සෙබලුන් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා (15) දින පැවති විසිරයාමේ උත්සවයකදී විසිරයනු ලැබූහ.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය, ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ පුත්තලම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණු පාසලේ ආධුනික පුහුණු අංශය වෙතින් ලබාදුන් උපදෙස් වලට අනුකූලව මෙම ආධුනික පුහුණු පාඨමාලාව පවත්වනු ලැබීය. මෙම විසිරයාමේ උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පම්පේමඩු පාබල බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් චන්දන ජයසිංහ විසින් අවසන් දේශනය සිදුකළේය.

පුහුණු පාඨමාලා කාලසීමාව අතරතුර සියලුම න්‍යායාත්මක හා ප්‍රායෝගික විෂයන් තුලින් උපරිම දස්කම් දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ආධුනික සෙබල ආර්.එම්.අයි.ඩී. රත්නායක හොඳම ආධුනික සෙබලාට හිමි සම්මානය දිනාගන්නා ලදී. පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබල ඩබ්ලිව්.ඒ.එන්.එස්. ජයසූරිය විසින් හිමිකරගත් අතර හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සිසුවාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ආධුනික සෙබල එස්.එස්.ආර්. ජයරත්න විසින් හිමිකරගත්තේය.