Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 20:30:07 Hours

විශ්‍රාම දිවියට පා තබන සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපතිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී සේවයෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් තාරක රත්නසේකර සඳුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

දශක තුනකට අධික කාලයක් මේජර් ජෙනරල් තාරක රත්නසේකර යුද්ධ හමුදා වෙනුවෙන් සිදුකළ මෙහෙවර යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අගය කළ අතරඑම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වය හා මඟපෙන්වීම යටතේ පූර්ණ වෙනසක් සහ නව පුනර්ජීවයක් ලද සන්නාහ සන්නද්ධ බලසේනාවේ අභිවෘද්ධිය උදෙසා සිදුකළ සේවය ද පැසසුමටලක්විය.

මෙම සුහඳ පිළිසඳරෙදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා,මේජර් ජෙනරල් තාරක රත්නසේකර සමඟ අදහස් හුවමාරු කරගත්තේය. මේජර් ජෙනරල් තාරක රත්නසේකර යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.  

යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් තාරක රත්නසේකර විසින් රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් වෙනුවෙන් මෙහිදි සිය කෘතඥතාවය පිරිනැමුවේය. මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සේවය ඇගයීමක් ලෙස විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.