Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 10:00:13 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා 512 වන බලසේනාවේ භටපිරිස් යාපනය නගරය පිරිසිදු කර විෂබීජහරණය කරයි

51 වන සේනාංකය යටතේ ස්ථාපිත 512 වන බලසේනාවේ සහ 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (16) දින යාපනය නගරය හා ඒ අවට ප්‍රදේශයන් සහ මාර්ගයන් පිරිසිදු කර විෂබීජහරණය කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. මෙම වැඩසටහන යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදී.

වැඩසටහන 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ මඟපෙන්වීම මත 512 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.