Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 13:00:13 Hours

ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන්ගෙන් තොර මෙන්ම අලංකාරවත් ස්ථාන බවට පත් කිරීමට 51 වන සේනාංකයේ භටපිරිස්වල සහයෝගය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511 සහ 513 වන බලසේනාවල භටපිරිස් සමාජසත්කාරක ව්‍යාපෘතියක් ලෙස ජුලි මස 11 දින ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන්ගෙන් තොර අලංකාරවත් ස්ථානයන් බවට පත්කිරීමේ අරමුණින් ආගමික ස්ථාන තුනක ශ්‍රමදාන ව්‍යාපෘතීන් දියත් කළහ.

ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් කට්ටපොක්කනී පිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රය, කෝපායි සුසායි ක්‍රිස්තු දේවස්ථානය සහ විත්තකම්පුරම් වයිරව කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී. 511 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු සහ 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මොහොමඩ් ෆාරිස්ගේ අධීක්‍ෂණය යටතේ ‍මෙම ව්‍යාපෘතීන් ක්‍රියාවට නංවන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 16 වන ගැමුණු හේවා බලකාය සහ 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළහ.

මේ අතර, 513 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් 2021 ජුලි මස 16 දින අරාලි කලවතුරෙයි ඥාන වයිරවල් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කළහ. මෙම ව්‍යාපෘතිය 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මොහොමඩ් ෆාරිස්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතීන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ මඟපෙන්වීම මත සිදුකරන ලදී.