Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2021 14:35:13 Hours

යුද්ධ හමුදා භටපිරිස් යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ ළමුන් සඳහා පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකරයි

52 වන සේනාංකය සහ 523 වන බලසේනාවේ භටපිරිස්වල ඉංජිනේරු, තාක්‍ෂණික සහයෝගය සහ ශ්‍රමදායකත්වය ඇතිව යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පෙරපාසල් ගොඩනැගිල්ලක් ළමුන් සඳහා ඉදිකළ අතර එම ගොඩනැගිල්ල ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ සුරතින් පසුගිය සිකුරාදා (17) දින විවෘත කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය බලප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී නාවට්කුලි ගම්මානයේ ගම්වාසීන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ ළමුන් සඳහා දැඩි අවශ්‍යතාවයක්ව පැවති පෙරපාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කරන ලදී. ඒ අනුව, ක්‍රියාත්මක වූ 52 වන සේනාංකයේ භටපිරිස් කෙටි කාලයක් තුළ පෙර පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු නිමකළහ.

මෙම පෙරපාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින්එම ගොඩනැගිල්ල සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ පෙරපාසල් ළමුන් සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය ද පරිත්‍යාග කළේය. පෙරපාසල් ගොඩනැගිල්ල තුළ ළමුන්ට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරමින් නව ගොඩනැගිල්ල තුළ පෙරපාසලේ සමාරම්භය සනිටුහන් කරන ලදී.

මෙම අවස්ථාවට 52 වන සේනාංකයේ සේනාංකාධිපති, 521, 522 සහ 533 වන පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සෞඛ්‍ය අංශයේ සහ යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.