Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2021 12:00:09 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් සංඝාවාස ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති ‘ගමසමග පිළිඳරක්’ වැඩසටහනේදී අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත විහාරහල්මිල්ලෑව රජමහා විහාරස්ථානයේ පැරණි සංඝාවාස ගොඩනැගිල්ල 5 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

සංඝාවාසයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ සහ 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකරගේ උපදෙස් මත 623 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොහාන් මැදගොඩගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් සිදුකරන ලදී.

ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාස ගොඩනැගිල්ල ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර විසින් 2021 ජූලි මස 13 දින සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය වෙත සඟසතුකොට පූජා කරනු ලැබූහ.

මෙම වැඩසටහන අතරතුර සෙත්පිරිත් සජ්ඣායනය සඳහා වැඩමකළ මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් ද පවත්වන ලදී. මෙම වැඩසටහන 62 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය 62 වන පාබල සේනාංකයට අයත් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ඇතිව සිදුකරන ලදී.