Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2021 11:00:02 Hours

65 වන සේනාංකයේ සේනාංකාධිපති ක්ෂේත්‍ර සංචාරයක

නුදුරේදී විශ්‍රාම යාමට නිමිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සිය ධූරයෙන් නික්ම යාමට ප්‍රථම 2021 ජූලි මස 11 දින එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්වල සංචාරයක නිරත වෙමින් භටපිරිස් ඇමතුවේය.

ප්‍රථමයෙන්, 652 වන බලසේනාවේ සංචාරය කළ මේජර් ජෙනරල් ටිකිරි දිසානායක 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමූහ. ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් ඇමතුවේය.

ඉන් අනතුරුව, 652 වන බලසේනාවේ සංචාරය කළ මේජර් ජෙනරල් ටිකිරි දිසානායක වෙත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව හෙතෙම භටපිරිස් ඇමතුවේය.

මෙම අවස්ථාව සිහිවනු පිණිසමේජර් ජෙනරල් ටිකිරි දිසානායක එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

අවසාන වශයෙන්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති 653 වන බලසේනාවේ සංචාරය කළේය. එහිදී, හෙතෙම24 වන ගජබා රෙජිමේන්තුවේ දේශන ශාලාවේදී භටපිරිස් ඇමතීම සිදුකළේය. මෙම සියලු බලසේනා සංචාරයන්වල සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සුහද තේ පැන් සංග්‍රහයන් සඳහා සහභාගී වූයේය.