Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2021 19:00:13 Hours

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයකට පනවා තිබු හුදකලාභාවය ඉවත් කරයි

අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,517 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 71 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,446 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 252 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 232 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 809 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (17) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 282,059 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 173,544 වේ.

අද (17) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 918 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (17) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 71 ක් තුළ පුද්ගලයින් 4,909 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (17) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 22 ක් තුළින් පුද්ගලයින් 221 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුලි මස (15) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 18 ක් සහ පිරිමි මරණ 23 ක් ඇතුලුව මරණ 41 ක් වාර්තා වී ඇත.

අද (17) දින උදෑසන සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ මිහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාදෙයියාව ගම, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ මාලුවාගල වත්තේ උඩ කොටස, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ පොලිස් බලප්‍රදේශයේ මරතමුනායි 3 කොටස, මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බලප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරි වසමේ විහාර පටුමග, විහාර මාවත, කප්පර පල්ලිය පාර සහ වෙළමැද පාරගම සහ සුදුහුම්පොල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ විහාර පටුමග, විහාර මාවත සහ කප්පර පල්ලිය පාර හුදකලාභාවයෙන් ඉවත් කර ඇත.