15th July 2021 17:00:07 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (15) දින කතරගම වැඩහිටිකන්දට පිවිසෙන ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කළහ.
මෙම ව්‍යාපෘතිය 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර ගේ උපදෙස් හා23 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණ යටතේ ක්‍රියාත්මක කළහ.