15th July 2021 15:45:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් විශ්‍රාම යාමට ප්‍රථම පසුගිය දා සිය රෙජිමේන්තුවේ ඒකකයන්වල ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
එම සංචාරයේදී මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් ගල්කුලම පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, කන්කසන්තුරේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, කිලිනොච්චි පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ මුලතිව් පිහිටි 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත ගියේය.
සංචාරයේ නිරත කර්නල් සේනාවිධායක එම ඒකකවල අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල ආචාරයන් එතුමන් වෙත පුද කළේය. මෙම සංචාරයන් සිහිවනු වස් මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් එම ඒකකයන්හිදි පැළ රෝපණය කළ අතර එම ඒකකයන්වල භටපිරිස්ද අමතනු ලැබීය. ඉන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයන් සඳහාද හෙතෙම සහභාගී වූයේය.
භටපිරිස් ඇමතීමේදී, යුද්ධ හමුදාවේ විනය පවත්වාගැනීම සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය දක්වන දායකත්වය සහ අනෙකුත් රාජකාරින් සඳහා දක්වන කැපවීමද එතුමන් අගය කළේය.
තවද මෙම සංචාරයේදී, 4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්.ආර්.පී. පෙරේරා, 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්.එම්.ටී.ජී.ඒ.පී. විජේකෝන්, 5 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පී.ඩී.අයි. පෙරේරා, 6 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජේ.එස්. ජයතිලක ඇතුළු එම ඒකකවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයන් විසින් ඒකකයන් වෙත සපැමිණි කර්නල් සේනාවිධායක සිය ඒකකයන්හිදී පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයන්වල ගෞරවාචාරය පුදකළහ. මෙම වැඩසටහන් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පවත්වන ලදී.