Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2021 18:43:56 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වගාකොට සැකසූ වියළි මිරිස් වෙළඳපොලට

රජය විසින් ක්‍රියත්මක කරනු ලබන ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ සංකල්පය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය කන්දකාඩු, මැණික්ෆාම් (වව්නියාව) සහ අන්ඩියාපුලියන්කුලම් යුද්ධ හමුදා ගොවි බිම්වල අක්කර 200 ක භූමි ප්‍රමාණයක මිරිස් වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි පසුගිය වසරේ මාර්තු මස මෙම ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කර බීජ සහ පැළ සිටුවන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 79 ක ප්‍රතිපාදන වෙන්කර ඇත.

ඒ අනුව පළමු අදියර යටතේ ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේ අක්කර 50 කින් සමන්විත භූමි ප්‍රමාණයක වගාකර තිබු මිරිස් අස්වනු වියළි මිරිස් ලෙස සකස් කර එම වියළි මිරිස් කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 300.00 ක සහන මිලක් යටතේ ඉකුත් අඟහරුවාදා (13) දින රාජ්‍ය කුළුබඩු සංස්ථාව වෙත සැපයීම සඳහා උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යා ගරු ජානක වක්කුඹුර මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

මැදවච්චිය - මන්නාරම පාරේ ආඩියාපුලියන්කුලම් ප්‍රදේශයේ අක්කර 50 ක භූමි ප්‍රමාණයක වගාකර තිබු මිරිස් තොග ‘සතොස’ සහ සමූපකාර හරහා මහජනතාව වෙත බෙදාහැරීම සඳහා රාජ්‍ය කුළුබඩු සංස්ථාව වෙත සහන මිලට අලෙවිකරන ලදී.

ඒ අනුව මේ වනවිට යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කන්දකඩු (අක්කර 100), මැණික්ෆාම් (අක්කර 50) සහ අන්ඩියාපුලියන්කුලම් (අක්කර 50) භූමි ප්‍රමාණයක මිරිස් වගාව ආරම්භ කර ඇති අතර කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය එම අස්වැන්න ලබාගැනීමට බලාපොරොත්තු වෙන් සිටියි.

මෙම උත්සවය සඳහා රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ් රාජපක්‍ෂ ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.