Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2021 05:46:05 Hours

“තවත් යුද්ධ හමුදා සාමාජිකයින් 2/3 කට වැඩි පිරිසකට එන්නත්කරණය සිදුකිරීමට ඇති බව” කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (15) දින රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙහිදි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනට ක්‍රියාත්මක වන ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් දෛනිකව හමුවන ආසාදිතයින් සංඛ්‍යාව 1400 – 1500 අතර වන බවත් දෛනික මරණ අනුපාතය 35 – 40 ත් අතර වන බවත් ප්‍රකාශ කළේය.එමෙන්ම, තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා තත්ත්වයේපවතින බවත් එන්නත්කරණ වැඩසටහනේදී සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස මන්නාරම ප්‍රදේශයට ප්‍රමුඛත්වයක් ලබාදි ඇති බවත් පැවසුවේය.

එමෙන්ම, අගෝස්තු මාසය අවසන් වන විට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාදෙමින් එන්නත්කරණ වැඩසටහන සම්පූර්ණ කරලීමට බලාපොරොත්තු වන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේය. තවද,ආයෝජන කලාපයන්වලඇඟලුම් ක්ෂේත්‍රයේසේවකයින්ට එන්නත ලබාදීමෙන් පසුව අනෙකුත් ඇගලුම් කර්මාන්තශාලාවල සේවකයින් සඳහාද එන්නත්කරණය සිදුකිරීමට ඉල්ලීම් මේවන විට පවතින බවත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගියදාජාතික අධ්‍යාපන ආයතනයේ ගුරුවරුන් සහ කාර්යමණ්ඩලය සඳහා වෙන වෙනම එන්නත්කරණය සිදුකළ අතර මේවන විට සිවිල් වැසියන් සහ වයස අවුරුදු 30 ට වැඩි සියලු වැසියන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනේ නිරතව සිටින බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසුවේය.

ජාතික එන්නත්කරණ වැඩසටහන සඳහා කැප වී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් 180,000 ක් අතරින් තවමත් එන්නත් ලබාගෙන ඇත්තේ 60,000 ක් පමණක් වන බවත් යුද්ධ හමුදා භටපිරිස් සිය ජීවිත අවධානම නොසලකා ආසාදිතයින් වෙනුවෙන් කැපවීමෙන් යුතුව සේවය කරන බව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදී. තවද, යුද්ධ හමුදා භටපිරිස් වෙත ඇතිවනඅපහසුතාවයන්පිළිබඳව ද නොතකමින් මේ වනවිට මළසිරුරු 1001 කට ආසන්න ප්‍රමාණයක් භූමදානය කර ඇති බව ද එහිදී ප්‍රකාශ කළේය.  

තවද, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ පැමිණීම හා නිරෝධායන ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නව මාර්ගෝපදේශ මාලාව පිළිබඳවද අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් එන්නත් මාත්‍රාවන් ද්විත්වයලබාසිටින විදේශගතව සිට මෙරටට පැමිණෙන අයවලුන්ට පැය 24 කටත් අඩු කාලයක් පමණක් රැඳීසිටීමට සිදුවන බවත්එලෙස රැඳීසිටිමට සිදුවනුයේPCRපරීක්‍ෂණවල ප්‍රතිපල ලැබෙන තෙක් පමණක්බවත්මෙහිදී පැහැදිලි කළේය.  

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ප්‍රධාන වසංගත රෝග විශේෂඥවෛද්‍ය සමිත ගිනිගේ ඇතුලු තවත්කිහිපදෙනෙක් අදාළ තොරතුරු හාදත්ත ඉදිරිපත් කරමින් මෙම සැසිවාරයට වඩාත් සක්‍රීයවදායක වූහ.