17th July 2021 06:46:05 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස නව පත්වීම් ලද මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී නව පත්වීම් ලිපිය භාරගත්තේය.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ නව පත්වීම වෙනුවෙන් සුභපැතුම් පිරිනැමු යුද්ධ හමුදාධිපතිතුමන් ‘2020-2025 ඉදිරි උපාය මාර්ග සැලැස්ම’ සහ නිලධාරීන්ගේ පුහුණුවීම් තවදුරටත් ප්‍රවර්ධනය කරගැනිම යන කරුණු පිළිබද සහ යුද්ධ හමුදාවේ විධිවිධාන තවදුරටත් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සමග අදහස් හුවමාරු කරගත්හ. මෙම හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව පත්වීම් ලිපිය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වෙත ලබාදුන්නේය.
මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමට පෙර ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරි ඉටුකරන ලදි.