15th July 2021 18:45:13 Hours
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ලමාහේවා (විශ්‍රාමික) අද (15) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා දින කිහිපයකට පසු මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරී භාරගත්තේය. විශ්‍රාම ගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස රාජකාරි ඉටු කළේය.
මෙම සුහද හමුවේදී, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් රංජන් ලමාහේවා (විශ්‍රාමික) රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධව සිය සුබපැතුම් එක් කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රටේ මහජනතාවගේ යහපත උදෙසා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වුයේය.
යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය සහ සුභාෂීංශන එක් කල සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ලමාහේවා මෙම සුහද හමුව පිළිබඳ සිය කෘතඥතාවය පුද කළේය. සුහද හමුව අවසානයේ විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.