13th July 2021 22:25:53 Hours
ආරක්‍ෂකසේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසෙනාවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (2)දින කන්දවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශයේ විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියළි සලාක පාර්සල්177 ක් බෙදා දුන්හ.
මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් කොළඹ රාජකීය විද්‍යාලයේ 1980 වර්ෂයේ උසස් පෙළ දමිල පන්තියේ සිසුන් පිරිසක් විසින් වියළි සලාක මිලදී ගැනීම සඳහා 572වන බලසේනා මූලස්ථානය වෙත මුල්‍යමය පරිත්‍යාගයක් කරනු ලැබීය. ඒ අනුව, සහල්, පරිප්පු, කිරිපිටි, කුළුබඩු, ධාන්‍ය වර්ග සහකරවල ආදිය අඩංගු රුපියල් 2500 / = ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 177 ක් මෙලෙස බෙදාදුන්හ.
1980වර්ෂයේ කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ දමිල පන්තියේ අධ්‍යාපනය හදාරා මේ වනවිට එක්සත් ජනපදයේ පදිංචිව සිටින යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් (විශ්‍රාමික) රවී රත්නසිංහම් ගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී.
572 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ එම ඒකකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි විසින් ලබාදෙන ලදී.
කන්දවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් තෝරාගත් පරිදි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර මෙම වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ලබාදුන් උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 572 වන බලසේනාවේ බලසේනාධිපති, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්, කන්දවලෙයි ප්‍රාදේශීය ලේකම්, 572 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීන් සහභාගි වූහ.