Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2021 13:48:33 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 20 වන රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගැනීමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින කුරුණෑගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ඩි.එස්.කේ. ගුණවර්ධන විසින් නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමුවේය.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකල නව රෙජිමේන්තු අධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

පසුව, මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල මේජර් ජෙනරල් විකුම් ලියනගේ රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී භටපිරිස් ඇමතූවේය.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම උත්සවයට මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ ඒකකවල අණදෙන නිලධාරීන් සහභාගි වුහ.