15th July 2021 13:53:02 Hours
යාපනය, සංඝරතෛයි ප්‍රදේශයේ ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදීමට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා කටයුතු කළේය. ඒ අනුව, නව නිවසේ ඉදිකිරීම කටයුතු සඳහා තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව නිවාසලාභි රාසදුරෙයි අමුද්ප්‍රියා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවස ඉදිකරදීම සඳහා දානපතියෙකු වන කුමාර් වීරසුරිය මහතා මුල්‍යමය දායකත්වය ලබාදුන්නේය. 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 513 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම නිවසේ ඉදිකිරීම කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් ලබාදුන්හ.
නවතමයෙන් ඉදිකරනු ලැබු නිවස එම නිවාසලාභියා වෙත භාරදීමේ උත්සවය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ඉකුත් අඟහරුවාදා (13) දින පැවැති අතර එම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.
මෙම උත්සවය අතරතුරදී, නිවාසලාභියා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත වියළි සලාක, අත්‍යාවශ්‍ය ගෘහභාණ්ඩ සහ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් පාසල් උපකරණ ද ප්‍රදානය කරන ලදී.