Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 19:02:33 Hours

මරතෝඩි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

මරතෝඩි ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමේ කටයුතු සපුමල්ගස්තැන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මුල්‍යම අනුග්‍රහය ඇතිව පසුගිය බදාදා (07) දින ආරම්භ කරන ලදී.

623 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොහාන් මැදගොඩ ලබාදුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා පසුගියදා ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීය.  

11 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.ඩබ්ලිව්. කරුණාරත්න ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙනු ලබයි.  

වවුනියාව සපුමල්ගස්තැනන් ග්‍රාමයේ පදිංචි ව්‍යාපාරික එන්.එස්.ජේ. දිසනායක මහතාගේ අනුග්‍රහය ඇතිව ඉදිකරනු ලබන මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු එළඹෙන යුද්ධ හමුදා දිනයට පෙර අවසන් කිරීමට අපේක්‍ෂා කරයි.