Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 19:17:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් යාපනය අර්ධද්වීපයේ වයස 60 ට වැඩි සිවිල් පුද්ගලයින්ට එන්නත් ලබාදෙයි

යුද්ධ හමුදා භටපිරිස් දිවයිනපුරා සිදුකරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට සමගාමීව යාපනය අර්ධද්වීපයේ ජනතාවට එන්නත් ලබාදීම ඉකුත් සඳුදා (5) දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් වෛද්‍ය කණ්ඩායම් සමග එක්ව ආරම්භ කරන ලදී. සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් යුද්ධ හමුදාව විසින් දිවයිනපුරා ප්‍රජා එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

යාපනය අර්ධද්වීපයේ වයස අවුරුදු 60 ට වැඩි සිවිල් වැසියන්ට එන්නත ලබාදීම ආරම්භ කරමින් යාපනය, චන්කනායි, සැන්ඩිලිපේ, වේලානි, උඩුවිල්, කෝපායි, මරතන්කර්නි, නල්ලූර්, තෙලිප්පලෙයි සහ චවාකච්චේරි යන ප්‍රදේශ ආවරණය කරමින් ස්ථාන 19 ක නව ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කර ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් සැලසුම් කල පරිදි දින හතරක් තුළ (ජූලි 5-8) යුද්ධ හමුදා භටපිරිස් විසින් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 24,182 දෙදෙනෙකු වෙත එන්නත්කරණය සිදුකරන ලදී.

මෙම ජාතික එන්නත්කරණ වැඩසටහන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ත සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.