Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 22:32:29 Hours

11 වන සේනාංකයේ භටපිරිස් විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භටපිරිස් කුණ්ඩසාලේ ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් ඉරිදා (11) දින කුණඩසාලේ මහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවන්ට මුහුණ පා සිටින සිවිල් වැසියන් වෙනුවෙන්11 වන සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව පවත්වන ලදී.

සහල්, පරිප්පු, බිස්කට්, කරවල, කිරිපිටි යනාදිය ඇතුළත් වියළි සලාකපාර්සල් බෙදාදීමේ උත්සවය සඳහා11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම උත්සවයපවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.