13th July 2021 22:38:22 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සේනරත් යාපා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසු ප්‍රථම නිල සංචාරය ඉකුත් සිකුරාදා (9) දින 61 වන සේනාංක මූලස්ථානයේ සිදු කළේය.
61 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්ධම්මී හේවගේ ඇතුළු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව ආඥාපති කඳවුරු පරිශ්‍රයේ නිරික්‍ෂණය කළේය.
පසුව, මේජර් ජෙනරල් ධම්මි හේවගේ අක්මීමණ රුහුණු ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. එහි කාර්යභාර්ය පිළිබඳ 631 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් ආඥාපති දැනුවත් කළේය.
ඉන් අනතුරුව, ආඥාපති නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන මාපලාන කෘෂිකර්ම විද්‍යාපීඨයේ සහ 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ සංචාරයක නිරතවිය.