13th July 2021 22:46:12 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සිය ධුරයෙන් නික්ම යාමේ උත්සවය ඉකුත් ඉරිදා (11) දින කුරූණෑගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම උත්සවය අතරතුරදී භට පිරිස් ඇමතූ රෙජිමේන්තු අධිපතිතුමන්, සිය ධුර කාලය තුලදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත ස්තූතිය පුද කළේය.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් නික්මයන මේජර් ජෙනරල් රංජන් ලමාහේවා වෙත මාර්ගය දෙපස පෙලගැසුණු භටපිරිස් සිය ගෞරවාචාරය පුද කළහ.