15th July 2021 19:53:45 Hours
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී සේවයෙන් විශ්‍රාම යාමට නියමිත කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර අද (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
දශක තුනකට අධික කාලයක් කීර්තිමත් නිලධාරියෙකු ලෙස විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර යුද්ධ හමුදා වෙනුවෙන් සිදුකළ මෙහෙවර අගය කල යුද්ධ හමුදාධිපතිතුමන් යුධ පිටියේදී සතුරාට එරෙහිව දියත් කරනු ලැබු මානුෂීය මෙහෙයුම් වලදී ලද අත්දැකීම් පිළිබඳ මතකයන් ආවර්ජනය කළේය. තවද, මඩු දේවස්ථානය එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා භටපිරිස් වෙත අණදීම සහ උපක්‍රම ශීලිව ක්‍රියාන්විතයන් ජයගත් ආකාරය පිළිබඳ මතකයන් ද මෙහිදි සිහිපත් කළේය.
තවද, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මානුෂිය මෙහෙයුමේදී අඛණ්ඩව, කැපවීමෙන් ත්‍රස්තවාදයෙන් දේශය මුදවා ගැනීම සඳහා දැක්වූ මෙහෙවර අගය කරමින් විශ්‍රාම දිවියට පාතබන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභාශිංසන පිරිනැමුවේය. මෙම සුහද හමුව අවසානයේ වසර 35 කට අධික කාලයක් සිදුකරනු ලැබු සේවය අගය කරමින් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර වෙතසමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර විසින් රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් වෙනුවෙන් මෙහිදි සිය කෘතඥතාවය පිරිනැමුවේය.
නුදුරේදී විශ්‍රාම දිවියට පාතබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබද කෙටි විස්තරයක් පහතින් දැක්වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට වර්ෂ 1986 ජනවාරි මස 17 වන දින එක්වු මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර අධිකාරියට පත්වීමෙන් අනතුරුව ගැමුණු හේවා බලකායට අනුයුක්ත කෙරිණි. 2009 මැයි මාසයට පෙර පැවති මානුෂිය මෙහෙයුමට සක්‍රීයව දායක වු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාවේ උසස් තනතුරු රැසක් හොබවා ඇත.
5 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි, 572 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු තනතුරු රැසක් හොබවා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි පූජනීය මඩු දේවස්ථානය කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමේ ක්‍රියාන්විතයේදී පෙරමුණ ගෙන කටයුතු කළේය.
තවද, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර සඳහා පත්වීමට ප්‍රථම මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර 111 වන බලසේනාවේ බලසේනාධිපති ලෙසත් යුද්ධ හමුදා මූලස්ථානයේ ස්වාධීන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙසත් 11, 54 සහ 61 යන පාබල සේනාංකයන්හී සේනාංකාධිපති වශයෙනුත් ආරක්‍ෂක සේනා මුලස්ථානය නැගෙනහිර සහ යාපනය ආඥාපති ලෙසත් කටයුතු කර ඇත.
මීට අමතරව, මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කමිටුවේ සභාපතිවරයා මෙන්ම දක්‍ෂ ක්‍රීඩකයෙකු ද වේ. පාබල හමුදා නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂිය මෙහෙයුම් කාලසීමාව තුළ අධිෂ්ඨාන සහගතව නිර්භීතව යුදබිම තුළ දස්කම් දක්වමින් තෙවරක් ත්‍රස්ත ප්‍රහාරවලින් තුවාල ලැබු අභිත රණවිරුවෙකි. ඒ හේතුවෙන් එතුමන් තෙවරක් දේශ පුත්‍ර සම්මානයෙන් ද පිදුම් ලැබීය. දේශප්‍රේමීත්වය සහ යුදපිටියේ දැක්වු නිර්භීතභාවය වෙනුවෙන් දෙවරක් රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමින් ද පිදුම් ලැබීය.
එතුමන් හදාරා ඇති හමුදා පාඨමාලාවන් අතර, වර්ෂ 1988 තරුණ නිලධාරීන් පාඨමාලාව, වර්ෂ 1994 රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, වර්ෂ 1996 කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව, වර්ෂ 2004 පැරෂුට් පාඨමාලාව, වර්ෂ 2008 ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලාව, වර්ෂ 2006 චීනයේ බීජිං නුවර මිසයිල පාඨමාලාව (Red Arrow Missile Course) ඇතුළු පාඨමාලා රැසක් හදාරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පාකිස්තානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර වර්ෂ 2015 මාර්තු මස සිට 2017 මාර්තු දක්වා කාලය තුළ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස සේවය කර ඇත.
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෘතවේදිත්වය සහ ගෞරවය පිරිනමනු ලබයි.