Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 19:05:56 Hours

භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ඇතිව විවිධ අවශ්‍යතා සහිත පවුල් අතරවියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය අයත්231 වන බලසේනාව යටතේ පාලනය වන 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ඇතිව ඉකුත් සෙනසුරාදා (10) දින පාවක්කෝඩි චෙනී සහ රාජ්තුරායි ප්‍රදේශවල විවිධ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදෙනු ලැබීය.

පරිප්පු, සහල්, කිරිපිටි, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, කුළුබඩු ආදිය ඇතුළත් වියළි සලාක පාර්සල් සඳහා අනුග්‍රහකත්වය 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ආර්.ආර්.එල්ජයසිංහගේ සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලියෙකු විසින් දක්වන ලදී.

පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනූකූලව 4 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙත ගොස් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති විසින් ලබාදුන්හ.