Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 19:12:55 Hours

53 වන සේනාංකයට නව ගොඩනැගිලි දෙකක්

53 වන සේනාංක මූලස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් ඉදිකළ නව නේවාසික ගොඩනැගිලි දෙකක් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් ඉකුත් සෙනසුරාදා (10) දින විවෘත කරන ලදී.

ඉන් අනතුරුව සේනාංකාධිපති,නිලධාරීන් සඳහා කාමර 8 කින්ද,සෙසුනිලයන් සඳහා කාමර 18 කින්ද සමන්විත නව ගොඩනැගිලි දෙක නිරීක්‍ෂණය කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.