Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 22:50:03 Hours

121 වන බලසේනාවේ භටපිරිස් තවත් ගංජා හේනක් වටලති 

12 වන සේනාංකයේ බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ භටපිරිස් කුඩාඔය පොලිසිය සමඟ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින කුඩාඔය, කොටියාකඳුර ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වැටලීම සිදුකරන ලදී.  

රක්‍ෂිතයේ අක්කර 2 ක පමණ භූමි ප්‍රමාණයක නීතිවිරෝධි ලෙස වගාකර තිබු මෙම ගංජා හේනේ ගංජා පැළ 10,000 ක් පමණවගා කර තිබුණි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කුඩාඔය පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න රණවක විසින් ලබාදුන් උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මත යුද්ධ හමුදා භටපිරිස් මෙම ගංජා හේන වැටලීම සිදුකරන ලදී.