Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 17:59:16 Hours

නැගෙනහිර ආඥාපති 22 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න විරසුරිය පසුගියදා, 22 වන සේනාංක බලප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූයේය.

එහිදී, තාවුල්වැව ආධුනික පුහුණු පාසලේ සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් චන්න විරසුරිය පුහුණු පාසලේ කාර්ය මණ්ඩලය සමග එහි පහසුකම් සහ අවශ්‍යතාවයන් පිළිබඳ සාකච්ඡා කළේය.

පසුව, කුඹුරුපිඩ්ඩි පිහිටි 221 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිතර වු ආඥාපති එම බලසේනා මුලස්ථානයේ සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කළේය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් චන්න වීරසේකර, ගෝමරන්කඩවල රංගිරි උල්පත මහා විහාරයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.