Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 07:10:20 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති රාජකාරි අරඹයි

පනාගොඩ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින හමුදා සම්ප්‍රදායානූකූලව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙත සපැමිණි නව ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා, එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කළේය.

අනතුරුව සිය කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගත්තේය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද සහභාගී වුහ. අනතුරුව එතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

පසුව සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් නිලධාරීන් ඇමතීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක, 14 සහ 61 සේනාංකවල සේනාංකාධිපතිවරුන්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන්, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත බලසේනාවල බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ. මෙම උත්සවය පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.

මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා මීට ප්‍රථම 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටුකළේය.