Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 07:15:42 Hours

දිවයින පුරා පොල් වගා කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව යාපනයේ පොල් පැල 700 ක් රෝපණය කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා කඳවුරු, මුඩු ඉඩම්, රාජ්‍ය ඉඩම් හා පෞද්ගලික ඉඩම් වගා කටයුතු සඳහා යොදාගැනිමේ වැඩසටහන යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බලප්‍රදේශය යටතේ පොල් පැල 700 ක් සිටුවීමේ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (10) දින ක්‍රියාත්මක කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ අනාගත පරපුර උදෙසා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

යාපනය එළුදුමඩ්ඩුවාල් ප්‍රදේශයේ පිහිටි බිෂෝප් වතුයායේ අක්කර 10 ක භූමි ප්‍රමාණය ආවරණය කරමින් දියත් කරනු ලැබු මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ලබාදුන්නේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ යාපනය කතෝලික සභාවේ ගරු පී.ජේ ජබරත්නම් පියතුමා සහභාගී වූහ. තවද එම අවස්ථාවට යාපනය කරිටාස් - මානව සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති ඉයුජින් ෆ්රැන්සිස් පියතුමාද සහභාගී වූහ.

මෙම වැඩසටහන සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස්, 522 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජානක විජේසිරි, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ 52 වන සේනාංකයේ භටපිරිස් පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදනයන්ට අනුකූලව සහභාගී වූහ.