Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2021 12:19:43 Hours

ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකීක පවුලක් විසින් යුද්ධ හමුදා රෝහලට අධි ප්‍රවාහ ඔක්සිජන් යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකීක පවුලක් විසින් බදාදා (07) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 ඒකකයට රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් F&P Airvo 2 වර්ගයේ අධි ප්‍රවාහ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයක් පරිත්‍යාග කළේය.

මෙම අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුකල වෛද්‍ය සතීකා කමලදාස ඇතුළු ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ පදිංචි පවුලේ සාමාජිකයින් විසින් යුද්ධ හමුදා රෝහලේ විකිරණවේදී බ්‍රිගේඩියර් වෛද්‍ය දිල්රුක්‍ෂි මුණසිංහ සහ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ වෙතකොළඹ යුද්ධ හමුදා රෝහලේදී එම පරිත්‍යාගය භාරදුන්නේය.

යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සිදුකරනු ලැබු මෙම පරිත්‍යාගයට යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩලය පරිත්‍යාගශීලින්ට සිය ස්තූතිය පුද කළේය.