08th July 2021 18:19:43 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස් තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ක්‍රීඩාපිටි 24 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේවන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතීන් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.
ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් හල්දුමුල්ල ගම්මානයේ කුමාරත්න විද්‍යාලය,රත්නපුර තෝරවැලිකන්ද විද්‍යාලය, හේවැස්ස ප්‍රාථමික විද්‍යාලය, යටිපන ප්‍රාථමික විද්‍යාලය, රණපුරගොඩ ප්‍රාථමික විද්‍යාලය, කළුතර දිස්ත්‍රික්කයේ ගුලනාවත්ත ප්‍රාථමික විද්‍යාලය, රතබලාගම විද්‍යාලය, මොණරාගල දිස්ත්‍රික්කයේ අළුත්වැව ප්‍රාථමික විද්‍යාලය සහ පිටදෙනිය ප්‍රාථමික විද්‍යාලය, කෑගල්ල පොද්දෙනිකන්ද මහ විද්‍යාලය, මහනුවර දිස්ත්‍රික්කයේ මීමුරේකයිකාවල ප්‍රාථමික විද්‍යාලය,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මැදවච්චිය මහ විද්‍යාලය සහ කන්තලේ අග්බෝපුර මහ විද්‍යාලය, කුරුණගල දිස්ත්‍රික්කයේ පහල ගිරිබාව මහ විද්‍යාලය, සාලිය අශෝක නවෝධ්‍ය විද්‍යාලය,පොතානෙගම විජය විද්‍යාලය, මරදන්කඩවල විද්‍යාලය හා තම්බුත්තේගම ප්‍රාථමික විද්‍යාලය සහ වවුනියා දිස්ත්‍රික්කයේ බෝගස්වැවවිද්‍යාලයඇතුළු පාසල් 24 ක ක්‍රීඩාපිටිප්‍රතිසංස්කරණය කර පාසල් බලධාරීන් වෙත භාරදෙන ලදී.
එසේම, යුද්ධ හමුදාවවෙත ලබාදී ඇති තවත් ව්‍යාපෘති 13ක් අතරින් ව්‍යාපෘති 12 ක ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකරගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.