Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2021 20:00:41 Hours

විධායක ජෙනරල්, විනයාරක්‍ෂකාධිපති සහ සුභසාධක අධ්‍යක්‍ෂ සියලු නිලයන් දැනුවත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම නිලයන්ගේ විනය සහ සුභසාධන කටයුතු පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවක් ජූනි මස 3 සිට 5 දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්, කිලිනොච්චි, වන්නි සහ 21 වන සේනාංක මූලස්ථාන පරිශයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂකාධිපති බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන් සහ සුභසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කනිෂ්ක හෙයියන්තුඩුව විසින් මෙහෙයවන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත සුභසාධන කටයුතු හා විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් පවත්වන ලදී.

මෙම වැඩසටහන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්, කිලිනොච්චි සහ වන්නි ආඥාපතිවරුන්, 21 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.