Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2021 12:32:29 Hours

බංගලාදේශ මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ගරු තරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් (HE Tareq Mohammed Ariful Islam) ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි මහ කොමසාරිස්වරයා යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.

මෙම සුහද හමුවේදී, ජාතීන් අතර පවතිනා මිත්‍රශීලි හා දිගුකාලීන සබඳතා සහ ත්‍රිවිධ හමුදා පුහුණු වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කරන ලදී.

කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම පාලනය කිරීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳ මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය. තවද, නව ධූරයේ රාජකාරී භාරගැනීම පිළිබද මහ කොමසාරිස්වරයා වෙත සිය සුභපැතුම් පිරිනැමු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සහ බංගලාදේශ හමුදාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරිමේ අවශ්‍යතාව පිළිබඳ පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සිහිවනුවස් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූ අතර සාකච්ඡාව සඳහා බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්. ෂෆියුල් බාරි (Commodore Md. Shafiul Bari) සහභාගී වූයේය.