08th July 2021 06:00:48 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණය යෝජනාහා සංවර්ධන ශාඛාව විසින් නවොත්පාදනය කරන ලද නවීන තාක්‍ෂණයෙන් යුතු ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් ඉකුත් අඟහරුවාදා (06) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත හඳුන්වා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා නවෝත්පාදකයින් නියෝජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණය යෝජනා හා සංවර්ධන ශාඛාවේ වැඩබලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදත් උදයසේන සහභාගී වූහ. තවද, එම අවස්ථාව සඳහා ජනාධිපති අතිරේක ලේකම් මේජර් ජෙනරල් කේ. බී. එගොඩවෙල (විශ්‍රාමික) ද සහභාගී විය.
යුද්ධ හමුදා සාමාජිකයන් ඉතා අවම පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ලද මෙම දෑත් විෂබීජහරණ යන්ත්‍රය තුළ විෂබීජනාශක දියර ලීටර් 4 ක් රඳවා තැබීමේ හැකියාව ඇති අතර ඉන් පුද්ගලයින් 600 දෙනෙකුට පමණ දෑත් විෂබීජහරණය කිරීමේ හැකියාව පවතී. මෙම යන්ත්‍රය වරක් ආරෝපණය කිරීමෙන් පසු පැය 48 ක් ස්වයංක්‍රීයව නොකඩවා ක්‍රියාත්මක වේ.
යුද්ධ හමුදා භටපිරිස් දේශීය හා විදේශීය වෙළඳපල සඳහා මහා පරිමාණයෙන් යන්ත්‍ර නිෂ්පාදනය කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීමට ද සූදානම්ව සිටියි.
පවතින ඉල්ලුමට අනුව මෙම විෂබීජහරණ යන්ත්‍රය දේශීය හා විදේශීය වෙළඳපල වෙත ඉදිරියේදී යොමුකිරීමට යුද්ධ හමුදාව සූදානම්ව සිටීයි.