08th July 2021 05:00:48 Hours
මෙරට ජනතාවගේ යහපත උදෙසා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ එකඟතාවය මත සියලු තීරණ ගනු ලබන බව අද (07) දින සන්ධ්‍යාවේ එම මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකා සාමාජිකයින් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී අවධාරණය කළේය.
මෙහිදී, ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සාකච්ඡා කරන ලද කරුණුවලට අනුව දැනට බලපවත්නා පළාත් අතර සංචාරණ සීමා, පොදු ස්ථාන වල විශාල වශයෙන් රැස්වීම වලක්වමින් පනවා ඇති සීමා, කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේද පැතිරීම පිළිබඳව, විදේශිකයින් මෙරටට පැමිණීම සම්බන්ධව පනවා ඇති නව ක්‍රියාමාර්ග, දැනට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලිය, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථාන වල ක්‍රියාකාරීත්වය යන කරුණු ක්‍රියාවට නැංවීම සිදුකරනු ලබයි.
සෞඛ්‍ය කාර්යාංශ විසින් ක්‍රියාත්මක වැඩවර්ජන කුමන අන්දමින් ක්‍රියාත්මක වූවත්, ත්‍රිවිධ හමුදාව සතු වෘත්තීමය සුදුසුකම් සහිත වෛද්‍ය කණ්ඩායම්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායම්, වසංගත රෝග විශේෂඥයන්, හෙදියන් ඇතුළු සියලුම වෛද්‍ය අංශයට අදාල පහසුකම්වලින් සමන්විත බැවින් එන්නත්කරණ ක්‍රියාවලියෙහි ඉදිරි කටයුතු ත්‍රිවිධ හමුදාව කාර්යක්‍ෂමතාවයෙන් එම සේවාව ජනතාව වෙතට ලබා දීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත සිදුවන බව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තවදුරටත් ප්‍රකාශ කළේය.
යමෙකු විසින් මාධ්‍ය අනිසි ලෙස භාවිත කර තවත් පුද්ගලයෙකුගේ වෘත්තියට ගැරහීම සිදු නොකළ යුතු බවත් යුද්ධ හමුදාව විසින් සිදුකරන මෙම එන්නත්කරණ ක්‍රියාවලිය ජාතික කර්තව්‍යයක් සේ සිදු කරන බවටත් මෙම ක්‍රියා පිලිවෙත ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාව වෙත උපදෙස් ලැබෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යන බවටත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි ප්‍රකාශ කළේය. තවද, ත්‍රිවිධ හමුදා වෛද්‍ය වෘත්තිකයින්ගේ මෙන්ම හමුදා නොවන වෛද්‍ය වෘත්තිකයින්ගේ සුදුසුකම් හා එකලෙස සමාන වන බවත්, එවිට යුද්ධ හමුදා සාමාජිකයන් විසින් මෙම ජාතික කර්තව්‍ය සිදු කිරීමට නුසුදුසු බව යන ප්‍රකාශ තවදුරටත් අධෛර්යමත් කිරීම සඳහා පවසන ප්‍රකාශ පමණක් බවටත් යුද හමුදාධිපතිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී. යුද්ධ හමුදාව විසින් සිදු කරන මෙම මහඟු කර්තව්‍යයට මහජනතාවගෙන් ඉතා විශාල සහයෝගයක් ලැබෙන බවත් වෘත්තීයමය කටයුත්තක් ලෙස සලකා මෙම සේවාව අඛණ්ඩව සිදුකරගෙන යන බවත් තවදුරටත් අවධාරණය කරන ලදී.
විදේශිකයන් සහ විදේශවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙතෙක් බලපැවැත්වුණු ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රියාවලිය වෙනුවට ඔවුන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. තවද, අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් බලාත්මක බවත් අධ්‍යාපන කටයුතු සඳහා හෝ රැකියා සදහා විදේශ ගතවන සියලු දෙනාහට සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව එන්නත් ලබාදෙන බවත් හෙතෙම තවදුරටත් අවධාරණය කරන ලදී.
ගෝලීය වශයෙන් සහ දේශීය සංඛ්‍යාලේඛන වලට අනුකූලව එන්නත්කරණ ක්‍රියාවලියේ දී වැඩිහිටියන්, වෙළඳ කලාප වල සේවය කරන්නන්, ගැබිණි මව්වරුන්, පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් වෙනුවෙන් වැඩි වැදගත්කමක් ලබා දෙමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබා ලබා දුන් ආකාරයට මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශ කරන ලදී.
වසංගත රෝග විද්‍යාඅංශයේ නව ප්‍රධානි වෛද්‍ය සමිත ගිනිගේ ද කොරෝනා වෛරසයේ තෙවන වන රැල්ල ආරම්භයේ සිටම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් විස්තරයක් ඉදිරිපත් කරමින් අප්‍රේල් මස අග භාගයේ හා මැයි මස මුලදී ක්‍රමානුකූලව වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ඉහළයාම පිළිබඳ මෙහිදි පැහැදිලි කළේය. කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම මැයි මස මැද භාගයේදී වැඩි වූ බවත් දින 5 ක් ඇතුළත රෝගීන් 3500 කට වඩා හඳුනාගැනීමට හැකිවු බවත්, සමහර රෝගින් සති ගණනකට පෙර හඳුනාගත් රෝගීන් බවත් දත්ත ලැබීමට ප්‍රමාද බවත් පැවසූවේය. කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල කුඩා පොකුරු කිහිපයක් හදුනාගත් බවත්, එය පාලනය කළ බවත්, මේ දක්වා සුවිශේෂී ලෙස කොවිඩ්-19 වෛරසය පාලනය කිරිම සඳහා කටයුතු කර ඇති බවත් පැවසූවේය. හඳුනාගත් රෝගීන් රෝහල්ගත කිරීම සහ පී.සී.ආර් පරික්‍ෂණ වලින් 60% ක් අහඹු ලෙස සිදුකළ බවත් එම අහඹු සාම්පල අතර, පැල්මඩුල්ල, කුරුවිට, දික්ඕවිට සහ දිවිතුර - ගාල්ල ප්‍රදේශවලින් පොකුරු කිහිපයක් මතුවූවද එම තතත්වය පාලනය කිරීමට හැකියාව ලැබුණි. තවද, එන්නත් කිරීමේ ක්‍රියාවලිය සහ වර්තමාන තත්ත්වය ප්‍රතිශතයන් සමඟ ප්‍රකාශ කළ වෛද්‍ය සමිත ගිනිගේ, මෙම උත්සාහයන්හි ප්‍රතිඵලයක් දැකිය හැක්කේ මේ වසරේ අගෝස්තු මාසයේදී පමණ බව පැවසීය.
මාධ්‍යවේදීන්, වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥයන්, කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්, රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ නියෝජිතයින් ඇතුළු කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සාමාජිකයින් මෙම හමුව සඳහා සහභාගි වූහ.