Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2021 20:23:48 Hours

පාකිස්තානු මහ කොමසාරිස් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ට වියලි සලාක පාර්සල් බෙදාදෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා (Major General (Retd) Muhammad Saad Khattak) පසුගිය අඟහරුවාදා (29) දින ආරක්‍ෂක සේනා ආඥාපති -කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ හමුවී එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් අතර වියලි සලාක පාර්සල් 150 ක් බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේය.

ඒ අනුව, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සිය භටපිරිස් සමඟ එක්ව රුපියල් 3000/= ක පමණ වටිනාකමින් යුත් වියලි සලාක පාර්සල් 30ක් මෙලෙස කිලිනොච්චි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදුන්නේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාකිස්තානු මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා (Major General (Retd) Muhammad Saad Khattak) සහභාගි විය.