Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2021 22:28:23 Hours

කුන්ජන්කුලම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදෙති

233 වන බලසේනාවේ භටපිරිස් එම බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව මඩකලපුව සිංහ සමාජයේ අනුග්‍රහය මත ලබාදුන් වියලි සලාක පාර්සල් 65 ක් ඉකුත් සෙනසුරාදා (03) දින කුන්ජන්කුලම් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදුන්හ.

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් දිවයිනපුරා සංචරණ සීමා පනවා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදුන් පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවිණි. මෙම අවස්ථාවට පරිත්‍යාගශීලි මඩකලපුව සිංහ සමාජයේ සභාපති ඇතුළු අනෙකුත් සාමාජිකයින් එක්වූහ.

තවද, මෙම අවස්ථාවට 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ, 233 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගි වූහ.