Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2021 19:18:37 Hours

කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කඳවුරු පරිශ්‍රයේ කහ වගාකරයි

කුට්ටිගල පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස්, ශ්‍රී ලංකා කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඳවුරු පරිශ්‍රයේ අක්කර 5 ක භූමි ප්‍රමාණයේ ඉකුත් ඉරිදා (04) දින කහ බීජ රෝපණය කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියට’ සමගාමීව මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන හඳුන්මුල්ල ලබාදුන් උපදෙස් මත 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී කර්නල් සී.එස්. දේමුණි ව්‍යාපෘතිය භාර නිලධාරී සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.