08th July 2021 07:00:48 Hours
(මාධ්‍ය නිවේදනය)
නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේදී දීර්ඝකාලයක් තිස්සේ පැවැති පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙසුනිලයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත පසුගිය බදාදා (30) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් නොරොච්චෝලේ පොලිසිය සමඟ එක්ව මෙම පරික්‍ෂණ කටයුතු සිදුකර මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරියා සහ නිවාඩු මත සිටි යුද්ධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලදී.
දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මෙම හමුදා පිරිස අධිකරණයෙන් ඇප මත නිදහස් කළ පසුව අදාළ නිලධාරියාට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා යුද අධිකරණයක් වෙත ඉදිරිපත් කරන අතර සෙසුනිලයන්ද මූලික පරීක්‍ෂණ උසාවියකට යොමුකරනු ලබයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනය විරෝධි ලෙස කටයුතු කරන නිලධාරීන් සහ සෙසුනිලයන් කුමන තරාතිරමක තනතුරු දරන්නන් වූවද ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට මේවන විටත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අවශ්‍ය උපදෙස් ලබාදී ඇත. (නිමාව)