06th July 2021 18:29:44 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ භටපිරිස් ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසගේ අනුග්‍රහකත්වය ඇතිව වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේරහන්ගල ග්‍රාම නිලධාරි වසමේ බොරලන්ද, හීන්නාරංගොල්ල වතුගොඩ ගම්මානයේ ස්ථීර නිවසක් ඉදිකරගැනීමට නොහැකිව දරුවන් සමග දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට පසුගියදා මුල්ගල තැබුවේය.
ඕස්ට්‍රේලියාවේ පදිංචි නෙත්මී ගුණසේකර මෙනවියසහ ලහිරු දිසනායක මහතා විසින් බොරලන්ද, අංක 62 එෆ්, වතුගොඩ, හීන්නාරංගොල්ල ගම්මානයේපදිංචි එස්. සංගර්ගරු මහතා සහ පවුලේ අයවළුන් සඳහා නව නිවස ඉදිකිරීමට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී. නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ඉකුත් සිකුරාදා (2)දින පැවැත්විණි.
නව නිවස සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස් සහ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළුයුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.