06th July 2021 09:02:11 Hours
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් රංජන් ලමාහේවා පසුගිය සදුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සිදුකළ අනගි සේවය මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය.
යුද්ධ හමුදාවේ පාබල බලඇණියක යුද ප්‍රවීණයෙකු ලෙස මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකත්වයක් ලබාදුන් නිර්භීත නිලධාරීයෙකි. තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී රිවිරැස, බලවේගය, ත්‍රිවිධ බලය වැනි මානුෂිය මෙහෙයුම් සඳහා ද සිය දායකත්වය දක්වමින් ත්‍රස්තවාදින්ට එරෙහි සටන්වලින් ජයගැනීම සඳහා නිර්භීතව භටපිරිස්වලට නිවැරදි නායකත්වයක් ලබාදුන් ගජබා රෙජිමේන්තුවෙන් බිහිවු කිර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
මෙම සුහඳ හමුව අතරතුර යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය මතකයන් අවදිකරමින් මේජර් ජෙනරල් රංජන් ලමාහේවා යුද්ධ හමුදාව සහ ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් සිදුකරනු ලැබු දායකත්වය අගය කළේය. මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සිය වෘත්තීය දිවිය තුලදී ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති, 141 හා 581 වන බලසේනාවල බලසේනාධිපති, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ත ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි, 14 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම යන ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සිය රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් පිළිබඳව ද මෙහිදි සිය කෘතඥතාවය පිරිනැමුවේය. තවද මානුෂීය මෙහෙයුම් පැවති කාලසීමාව තුළ ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා සිහිපත් කරමින් යුදබිමේ සිටි මිතුරන් කිහිපදෙනෙකුගේ මතකයන් අවර්ජනය කළේය.
මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සේවය ඇගයීමක් ලෙස විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් රංජන් ලමාහේවා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.