04th July 2021 19:04:52 Hours
කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දෙනු ලබයි.
අතිගරු ජනාධිපතිතුමාගේ නියමයෙන් කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් 2021 ජුලි මස 05 වන දින සිට පහත සදහන් දිස්ත්‍රික්කවල ඒ ඒ ස්ථානවලදී එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30 වැඩි පුද්ගලයින් සඳහාත් දක්වා ඇති සෙසු දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 60 වැඩි සියලුම පුරවැසියන්ට තම දෛනික රාජකාරීන් අතරතුර දී පහත සඳහන් ස්ථානවලට පැමිණ උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා එන්නත ලබාගත හැකි අතර එසේ පැමිණෙන විට අනන්‍යතාවය සනාථ කල හැකි ලියවිල්ලක් (ජාතික හැදුනුම්පත, විදුලි හෝ දුරකථන බිල්පතක්, ඡන්ද හිමි නාමලේඛණයක් හෝ ග්‍රාම නිලධාරි විසින් පදිංචිය සනාථ කළ ලියවිල්ලක්) රැගෙන එන ලෙස දන්වා සිටිනු ලැබේ.