Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2021 13:30:26 Hours

නිරොධායන මධ්‍යස්ථාන 32 ක් තුලින් පුද්ගලයින් 1,920 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව යති

අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,262 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 11 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,251 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 247 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 224 ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 105 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 675 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (04) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 264,056 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 157,072 වේ.

අද (04) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,853 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (04) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 5,276 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (04) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුළින් පුද්ගලයින් 1,920 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුලි මස (02) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 21 ක් සහ පිරිමි මරණ 13 ක් ඇතුලුව මරණ 34 ක් වාර්තා වී ඇත.

අද (04) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරි වසමට අයත් සාගරදෙණිය වත්ත හුදකලා කර ඇත. එසේම, අද (04) දින උදෑසන සිට කළුතර දිස්ත්‍රික්කයේ මහවස්කඩුව දකුණ ග්‍රාම නිලධාරි වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් බලප්‍රදේශයේ පෙරියකල්ලාර් 2 ග්‍රාම නිලධාරි වසම, පෙරියකල්ලාර් 3 ග්‍රාම නිලධාරි වසම සහ පෙරියකල්ලාර් 3 දකුණ ග්‍රාම නිලධාරි වසම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ බෙරමණ දකුණ ග්‍රාම නිලධාරි වසම හුදකලාභාවයෙන් ඉවත්කර ඇත.