Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2021 10:30:26 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ යාපනය භටපිරිස් දැනුවත් වෙති

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (28) දින පැවැත්වීය.

මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවේදී ප්‍රධාන දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා උද්‍යාන සැකසුම් ශිල්පී කෝලිත වික්‍රමසිංහ සහ මෙම විෂයෙහි ප්‍රධානින් කිහිපදෙනෙකු සහභාගී වූහ. මෙම වැඩමුළුවේදී ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කාබනික පොහොර භාවිතය ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීවමෙම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරිවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ.