Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2021 11:00:26 Hours

යුද්ධ හමුදා භටපිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි සලාක පාර්සල් 25 ක් පරිත්‍යාග කරති

කිලිනොච්චි, කුමාරස්වාමිපුරම් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත පුද්ගලයින් මුහුණදෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් යාපනය ප්‍රදේශයේ දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව 572 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සඳුදා (28) දින වියළි සලාක පාර්සල් 25 ක් බෙදාදුන්හ.

572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල යාපනය ප්‍රදේශයේ වෙසෙන සංජීව් නලින් මහතාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සංවිධානය කළේය. එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින්ගේ සහයෝගය ඇතිව අවශ්‍යතා සහිත පවුල් හඳුනාගැනීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකළහ.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරල් ප්‍රියන්ත ජයවර්ධන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවැසි උපදෙස් 572 වන බලසේනාවේ බලසේනාධිපති වෙත ලබාදුන්නේය.

මෙම වැඩසටහන සඳහා 572 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.