01st July 2021 09:39:30 Hours
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,864 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 78 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,786 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 365 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 254 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 221 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 946 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
අද (01) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 259,088 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 152,432 වේ.
අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2,481 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක් තුළ පුද්ගලයින් 7,588 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 30 ක් තුළින් පුද්ගලයින් 896 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.
ජුනි මස (29) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 31 ක් සහ පිරිමි මරණ 16 ක් ඇතුලුව මරණ 47 ක් වාර්තා වී ඇත.
අද (01) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ කරෙයිනගර් ග්‍රාම නිලධාරි වසමේ කල්ලිත්තේරු කොටස සහ කලවන්තලාව කොටස, මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බලප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරි වසමේ වෙලමැදපාර ගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරි වසමේ මැද කොටස හුදකලා කර ඇත.