Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2021 10:40:53 Hours

අලුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 154,188 ක් දක්වා ඉහළට

අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,883 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 68 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,815 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 342 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 220 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,006 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (02) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 260,971 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 154,188 වේ.

අද (02) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1,888 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (02) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 7,394 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (02) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 42 ක් තුළින් පුද්ගලයින් 1,341 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස (30) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 27 ක් සහ පිරිමි මරණ 16 ක් ඇතුලුව මරණ 43 ක් වාර්තා වී ඇත.

අද (02) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ මාටුවාගල වත්තේ උඩ කොටස, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ හැදල උතුර ග්‍රාම නිලධාරි වසමේ ඕලන්ද ග්‍රාමය සහ රබර්වත්ත ග්‍රාමය කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරි වසමේ ඔබේසේකරපුර 514 C සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ කොටියාගලවත්ත පහළ කොටස හුදකලා කර ඇත. එසේම, අද (02) දින උදෑසන සිට ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පොලිස් බලප්‍රදේශයේ යටිහේන ග්‍රාම නිලධාරි වසමේ පොල්හේන පාර, ලේක්වීව් පාර, ආයෝජන මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක්, මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරි වසමේ දේවාල පාර, ආරියදාස විතානගේ මාවත, ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය සහ සියඹලාපෙවත්ත කඳුබොඩ පාර සහ මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල පොලිස් බලප්‍රදේශයේ දෙමදඔය E 417/ A හුදකලාභාවයෙන් ඉවත්කර ඇත.