01st July 2021 09:35:57 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘තුරු තුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (26) දින පෙරියකුලම්, කට්ටකාඩු සහ පුන්නානිරාව් ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් 10 ක් සඳහා පොල් පැල 100 ක් බෙදාදෙනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා 572 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල සමඟ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින් සහ එම ඒකකවල භටපිරිස් සහභාගී වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහ. තවද, 572 වන බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළේය.