Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2021 14:24:07 Hours

මේජර් ජෙනරල් යූ.ඒ. කරුණාරත්න (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වූ මේජර් ජෙනරල් යූ.ඒ. කරුණාරත්න (විශ්‍රාමික) කොළඹ 05 පිහිටි සිය නිවසේදී බ්‍රහස්පතින්දා (01) දින අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 80 වන වියේ පසු වූයේය.

මේජර් ජෙනරල් යූ.ඒ. කරුණාරත්න (විශ්‍රාමික) ගේ යුද්ධ හමුදා දිවිය තුළ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, පිරිස් පාලන අධ්‍යක්‍ෂ, 31 වන බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් වැනි තනතුරු හොබවා ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධුරය ද ඔහු විසින් හොබවා ඇත.

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් යූ.ඒ. කරුණාරත්න (විශ්‍රාමික) ගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ‘The Respect’ ශාලාවේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සෙනසුරාදා (03) දින සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.